News

ඖෂධ ආලේපන කැවී දරුවෙක් මරුට

ඖෂධ ක්‍රීම් වර්ගයක් ශරීර ගත වීමෙන් තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ වයස අවුරුදු දෙකක කුඩා දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

තම පියාගේ අතෙහි ආලේප කිරීම සඳහා ගෙනෙන ලදැයි කියන ඖෂධ ක්‍රීම් වර්ගයක් මෙම දරුවා ආහාරයට ගෙන ඇතැයිද මේ හේතුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.

දරුවා රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර දරුවාගේ සිරුර මේ වන විට තංගල්ල මූලික රෝහලේ තැන්පත් කර තිබේ.