News

භූ කම්පනයෙන් ලංකාවට කිසිඳු බලපෑමක් නෑ

ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රාවල මෙම භූ කම්පනය සිදුව ඇත. ඒ අද (19) අළුයම 03.59ට පමණයි .

මෙහි බලපෑම මත ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ගැන බියක් ඇති කර ගත යුතු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රික්ටර් මාපකයේ එකක 6.9ක ප්‍රබලත්වයෙන් මෙම භූ කම්පනය සිදුව ඇත.

මෙම නිවේදනය අදාළ ජාතික සහ අන්තර් ජාතික ආයතන සමග එකඟත්වයෙන් නිකුත් කර තිබේ.