වයස අවුරුද්දට අඩු කුඩා දරුවන් භාරගන්න වෙනම ඒකකයක්
වයස අවුරුද්දට අඩු කුඩා දරුවන් භාර ගැනීම සදහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.
එම අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත් පුස්වැල්ල මහතා සදහන් කළේ එම ඒකකය දිවයිනේ සියලු පලාත් ආවරණය වන පරිදි ප්‍රධාන රෝහල් 9ක ළමා රෝග අංශයට අනුබද්ධව පිහිටුවීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි කඩ්නමින් විමර්ශනය කිරීම සදහා වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් ඒ යටතේ ළමා අපයෝජනය සිදුකරනු ලබන සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ සදහන්ය.
