News

පී.සී.ආර්. කරන්න නවීන ක්‍රමවේදයක්

පී.සී.ආර්. පරීක්ෂණය සඳහා දැනට වැය වන වියදම සියයට 50කින් පමණ අඩු වන සහ එම පරීක්ෂණයේ ප්‍රතිඵලය පැය එක හමාරක් වැනි කාලයක් තුළ ලබා දෙන නවීන, තාක්ෂණානුකූල පරීක්ෂණ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය හා නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්‌යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය එක්ව හඳුන්වා දී තිබේ.

ඒ අනුව පෙරේදා (19දා) නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්‌යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමැති සීතා අරඹේපොළ සහ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය මංජු ගුණවර්ධන සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට මෙම ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කළහ. වරක දී පරීක්ෂණ 90ක් සිදු කළ හැකි බවත් මේ සඳහා ජාත්‍යන්තර අනුමැතිය ලැබී ඇති බවත් ආචාර්ය මංජු ගුණවර්ධන එහිදී පෙන්වා දුන්නේය. පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මේ වන විට රුපියල් 6000ක පමණ මුදලක් වැය වේ.

ශිරන්තනී මානවඩු