News

භාණ්ඩ මිලදී ගන්න සතොසෙන් වෙබ් අඩවියක් හදුන්වයි

ඕනෑම අයෙකුට නිවසේ සිටම සතොස වෙළඳ සැල් මගින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා නව වෙබ් අඩවියක් www.lankasathosa.lk නමින් ඊයේ (20) කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති උත්සවයකදී රටටම හඳුන්වා දෙනු ලැබීය.

මෙම අඩවිය විවෘත කරමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙරටදී පමණක් නොව විදේශ රටකදී වුවද සතොස මගින් ඕනෑම අයෙකුට භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන බවයි.

ප්‍රථම අදියරේදී කොළඹ හා මහනුවර ප්‍රදේශවල පරිභෝගික ජනතාවට මෙම වෙබ් අඩවිය මගින් භාණ්ඩ ඇනවුම් කිරීමේදී නොමිලේම ඒවා ප්‍රවාහනය කරදීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ සඳහා වෙළඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, සතොස සභාපති නෞෂාඩ් එම් පෙරේරා, පාරිභෝගික අධිකාරියෙහි සභාපති මේජර් ජනරාල් ඩි.එම්.එස්.දිසානායක ඇතුළු සතොස අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් සහභාගි විය.