News

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 5ක ජල කප්පාදුවක්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (22) දින පෙ.ව 10 සිට ප.ව 3 දක්වා පැය 5ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

බද්දේගම ජල පවිත්‍රාගාරයට සපයන විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් එසේ ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අම්බලන්ගොඩ, හික්කඩුව, බලපිටිය, බෙන්තොට, ඇල්පිටිය, බටපොල, ගෝනපිනුවල හා බද්දේගම යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු කරනු ලබයි.