News

සාරංග ඇතුළු අපරාධකරුවන් සිව්දෙනෙක් ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට

“වැල්ලේ සාරංග ” නමැති, පාතාල වෙඩික්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයා සහ තවත් සැක කරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් කොළඹ අවට ගංජා බෙදාහැරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබූ පිරිසක් බව පොලිසිය පවසනවා.

මෙරට සිට ඩුබායි දක්වා ගමන් කිරීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ විමර්ශණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.