මද්දකට හසුව මියගිය කොටියා
පසුගිය කලයේ දැඩි කතා බහට ලක්වූ මාතෘකාවක් වුයේ දුර්ලබ ජාන සම්පතක් වූ කළු කොටියා පිළිබඳවයි. ඒ මෙන්ම කොටින් මදුවලට හසුවීම පිළිබඳවත් දැඩි කතා බහට ලක්වුවක්.
ගම්පොළ,දොළුව,අඹගස්තැන්න ප්රදේශයේ වල්බිහිවී ඇති පුද්ගලික ඉඩමක ඇටවූ මද්දකට හසුවීමෙන් කෝටියක් මියගොස් තිබෙනවා.
නුවරඑළිය වනජීවී නිලධාරීන්ට දැනුම්දීමට කටයුතු කලද ඔවුන් එතනට එනවිටත් කොටියා මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
කොටියා වයස අවුරුදු එකහමාරක් පමණ වන බව සඳහන්. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.
