ගල්කිස්ස වෙරළේ සැඟවගිය තරුණයින්ගේ සිරුරු සොයා මෙහෙයුම්
ඊයේ දිනයේ (23) ගල්කිස්ස මුහුදු තිරයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
සිරුරු සොයා මේවන විටත් මෙහෙයුම් ක්රියාත්මකයි.
ගල්කිස්ස ප්රදේශයේ මෑන්පවර් නියෝජිත ආයතනයක සේවය කරන පිරිසක් වන මොවුන් ඊයේ පස්වරු 2.45 පමණ ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගොස් තිබෙනවා. 13 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායමේ සත් දෙනෙකු රළ පහරට හසුවී තිබෙන අතර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඉන් පස් දෙනෙකු බේරා ගැනීමට හැකිවී තිබෙනවා.
ඉතිරි දෙදෙනා බේරා ගැනීමට හැකි වී නැහැ.ඔවුන් පූඬළුඔය ප්රදේශයේ පදිංචි 18 හා 19 හැවිරිදි දෙදෙනෙක් බවයි පවසන්නේ.
