දෙවරක් දිවි නසා ගැනීමට තැත් කළ තරුණයා
හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රිමාන්ඩ් සිරකරුවකු සිය ගෙල කපාගැනීමෙන් අසාධ්‍යව හලවත මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු යටතේ හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) පෙරවරුවේ සැකකරු විසින් තමන්ට වැසිකිළි යෑමට අවශ්‍ය බව පවසා ඇති අතර බන්ධනාගාර නිලධාරීන් විසින් මාංචු සහිතව සැකකරු වැසිකිළියට රැගෙන ගොස් ඇත.
පසුව දොර අඩක් වසා බන්ධනාගාර නිලධාරියෙකු වැසිකිළිය ඉදිරිපස සිට තිබේ. එහිදී සැකකරු එකවර දොර වසා සිය ගෙල කපා ගෙන ඇත. ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිලධාරීන් දොර කඩා සැකකරු හලාවත මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
මොහු පසුගිය සෙනසුරාදා දිනක මාදම්පේ පොලිස් වසමට අයත් ගල්මුරුව ප්‍රදේශයේ විසි දෙහැවිරිදි තරුණියකට තියුණු ආයුධයකින් පහරදී මරණයට පත්කර පසුව වස පනය කළ පුද්ගලයා වේ.
හලාවත පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.
