සුදුවැල්ලේ ධීවරයන් දෙදෙනෙක් අතුරුදහන්
කෝට්ටගොඩ සුදුවැල්ල ධීවර වරායෙන් 22 දින අළුයම 4.00ට මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු යත්රාව සමග අතුරුදහන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ධිවර හා ජලජ සමිපත් දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්රික් කාර්යාලය පවසයි .
කුඩා යාත්රාවක් (ඩිංගි බෝට්ටුවක් ) මගින් සුදුවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටව ගිය වයසඅවුරුදු 22සහ 26 වයස්වල පසුවන තරුණයන් දෙනෙකු මෙලෙස අතුරුදහන් වි ඇත.
අතුරුදහන්ව ඇත්තේ සුදුවැල්ල කෝට්ටෙගොඩ ප්රදේශයේ පදිංචි කේ. බී. සසිඳු දිල්ශාන් සහ එම්.එම්. චරිත් යන ධීවරයින්දෙදෙනා යි. අතුරුදන් වනවිට ඔවුන් නිල්වැල්ල තුඩුව ප්රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිට ඇති බව එන්.බී.චරිත්ගේ සොහොයුරා වන එම්. එම්. ප්රියශංක මහතා පවසයි.
එදින දහවල් ගොඩ බිමට පැමිණීමට නියමිත තිබූ මෙම ධීවරයන් දෙදෙනාගේ පැමිණීම ප්රමාද වීම හේතුවෙන් මොවුන් ධීවර කටයුතු වල නිරතව සිටියදී අතුරුදහන්ව ඇති බවට පවුලේ සමාජිකයන් විසින් කෝට්ටෙගොඩ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත පැමිණිල්ලක් ද කර තිබිණි.
අතුරුදහන් බව කියන ධීවර දෙදෙනා සොයා මේ වන විට අයි. එමි. බි. එල්. යු. ඒ. 598 ටි.එල්.ඒ. යාත්රාවද යොදවා ඇති අතර ධීවර දෙපාර්තමේන්තුව , ශ්රී ලංකා නාවික හමුදාව, සහ දික්වැල්ල පොලීසිය එක්ව වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.
– ජයසිරි පේදුරුආරච්චි –
