News

ජනපතිගේ නායකත්වයෙන් නව සන්ධානයක්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා නව පුළුල් සන්ධානයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සන්ධානය සඳහා සුදුසු ලකුණක් පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරන අතර පොදු නමක් යොදාගැනීමට හා පොදු ව්‍යවස්ථාවක් සකස් කිරීමට පියවර ගැනීමට නියමිතය.