News

හිටපු ජනාධිපතිවරයාට තනතුරක් ?

හිටපු ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට තනතුරක් ලබාදෙන බවට කිසිවකු පවසා නොමැති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊයේ (24) වත්තල පැවති රැස්වීමකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

ව්‍යවස්ථා සංශෝධනයක් කර හිටපු ජනාධිපති වරයාට තනතුරක් දෙනවාද යන්න විමසු විට තමා එවැන්නක් සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව පැවසුවා.

පක්ෂය සඳහා තනතුරු ලබාදීම්, මේ වනවිට අවසන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම්කළ පිරිසට ඒ අනුව තනතුරු ලබාදී අවසන් බවත් අමාත්‍යවරයා පැවසුවා .