හෙරොයින් සහ ගිනිඅවි සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ගාල්ල තෙලවත්ත සහ රත්ගම යන ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලින් මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ රැසක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සදහන් කළේ අද (25) සිදුකළ මෙම වැටලීමෙන් හෙරොයින් කිලෝ 11ක්, ටී-56 ගිනි අවි 2ක්, ඒ සදහා භාවිතා කරන උණ්ඩ 82ක්, රිවෝල්වර 2ක්, මිලිමීටර් 9 ගිනි අවි සදහා භාවිතා කරන උණ්ඩ 39ක් පොලිස් භාරයට ගත් බවයි.
මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
