තවත් ශ්‍රී ලාංකිකයින් 426ක් දිවයිනට
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 426දෙනෙකු අද යළි දිවයිනට පැමිණ තිබේ.
ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, කටාර් සහ ජර්මනියේ සිට ගුවන් යානා 04කින් එම පිරිස කටුනායක හා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.
කටාර් හි සිට 17දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 23දෙනෙකු සහ ජර්මනියේ සිට 102දෙනෙකු මෙලෙස පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ.
මොවුන් සියලුදෙනා ගුවන් තොටුපළවල් තුළදීම පී.සී.ආර් පරීක්ෂණ වලට ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
