News

ජලය පිරුණු ඉරණමඩුව පළමු බිල්ල ගනියි (Photos)

ජලය පිරුණු ඉරණමඩුව වැවේ ගිලීමෙන් පුද්ගලයෙකු ඊයේ(09) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ චාවකච්චේරි,මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ඩිලක්ෂන් නමැති පුද්ගලයෙකු එලෙස දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ජලය පිරුණු ඉරණමඩුව වැවේ වාන්දොරටු පසුගිය 07 වැනිදා විවෘත කළ අද(09) දිනයේදීද වාන් දොරටු හතරක් විවෘත කොට තිබි ඇති අතර,වාන්දමන ජලයේ දිය නෑමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා‍ ජලයේ ගිලී ඇති බව පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ වාන් දමන ඉරණමඩුව වැව නිරීක්ෂණයට විශාල පිරිසක් අද(09) එක්ව සිට ඇති අතර, එලෙස පැමිණි පුද්ගලයෙකු දිය නෑමට ගිය අවස්ථාවේ ජලයේ ගිලී ඇති බවයි. දියේගිලුණු පුද්ගලයා කිලිනොච්චිය පොලිස් ජිවිතාරක්ෂක නිළධාරීණ් ගොඩගෙන ඇති අතර,ගොඩගන්නා අවස්ථාවේදී අදාළ පුද්ගලයා මියගොස් සිට ඇති බවද පොලිසිය පැවසීය.

මියගිය පුද්ගලයාගේ සිරුර කිලි‍නොච්චිය රෝහල් මෘත ශරීරාගා‍රයේ තැන්පත් කොට ඇති අතර,සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය