News

හෙරොයින් ජාවාරම් කළ බන්ධනාගාර නියාමකයෙක්ව අල්ලයි

හෙරොයින් බෙදා හරිමින් සිටී බන්ධනාගාර නියාමකවරයෙකු ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු බස්නාහිර පලාත් ගම්පහ බුද්ධි කොට්ඨාස නිලධාරීන් හා වේයන්ගොඩ පොලිසිය ඒකාබද්ධව අද (26) සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහර බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙක්, ගුවන් හමුදා සිවිල් සේවකයෙක් සහ සාමාන්‍ය පුද්ගලයින් දෙදෙනෙකි .

බන්ධනාගාර නියාමකවරයා ළඟ තිබි හෙරොයින් ග්‍රෑම් 15 පොලිසිය බාරයට ගෙන ඇත .

බැංකු ඒටීඑම් කාඩ් දොළහක් , ජංගම දුරකථන හතක් , විද්යුත් තරාදියක් , dvr යන්ත්‍ර දෙකක්, සහ යතුරුපැදි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත .

මෙම පුද්ගලයින් කොරොස්ස , උඩුගම්පොළ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි .

සැකකාර බන්ධනාගාර නියාමකවරයා බන්ධනාගාරයේ දීර්ඝ සිර දඩුවමක් විදිමින් සිටින චමින්ද නොහොත් රගරා සිරකරු ගෙන් ලබාගන්නවා හෙරොයින් ප්‍රදේශයේ බෙදා හැර ඇති බව ට පොලිසිය සිදු කල පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත .

මෙම බන්ධනාගාර නියාමකවරයාවරයා විසින් රගරා ගෙන් ලබාගන්නා හෙරොයින්, ගැනුම්කරුවන් වෙත ලබා දී ඇති බවටත් ඒ අනුව ඔහු හෙරොයින් විකුණූම් ජාලයක් ගොඩනගා ඇති බවටත් මෙම හෙරොයින් විකුණා ලබා විකුනා ලබා ගන්නා මුදල් වලින් කොටසක් බන්ධනාගාරයේ  සිටින රගරා ලබාදී ඇති බවටත් ලබාදී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇත.

රගරාට හෙරොයින් ලැබුණේ කෙසේද යන්න සොයා ගැනීම සඳහා පොලිසියේ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත , ගම්පහ සහකාර පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ මඟ පෙන්වීමෙන් අත්තන ගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභා දයානන්ද මහතාගේ අධීක්ෂණයෙන් වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

මනෝජ් එදිරිසිංහ-මීරිගම