ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින් ගණන ලක්ෂ 24 ඉක්මවයි
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 819,612ක් දක්වා ඉහළ ගොස් ඇත.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් තවදුරටත් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 5,779,371කි.
ඊට අමතරව බ්‍රසීලයෙන් ආසාදිතයින් 3,669,995ක්, ඉන්දියාවෙන් ආසාදිතයින් 3,234,474ක් සහ රුසියාවෙන් ආසාදිතයින් 963,655ක් වාර්තා වේ.
වැඩිම මරණ සංඛ්‍යාව ද ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 178,524කි.
ඇමෙරිකාවට පසුව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.
එම සංඛ්‍යාව 116,580කි.
ඊට අමතරව මෙක්සිකෝවෙන් මරණ 61,450ක් සහ ඉන්දියාවෙන් මරණ 59,449ක් වාර්තා වේ.
