News

6 ශ්‍රේණියෙන් ඉහළ වෘත්තීය මාර්ගෝපදේශනය අනිවාර්යයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල්වල 6 වැනි ශ්‍රේණියෙන් ඉහළට වෘත්තීය මාර්ගෝපදේශනය අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා සඳහන් කරයි.

පාසල් අධ්‍යාපනය ලබන අවධියේම රැකියා අභිමුඛ පුහුණුවකට මේ තුළින් සිසුන් යොමු කෙරෙන බව ඔහු ප්‍රකාශ කළේය.

පාසල්වල උපදේශන ක්‍රියාවලිය අනිවාර්ය කිරිමට කටයුතු යොදන අතර දරුවන් අතර පවතින විවිධ මානසික හා සමාජ ගැටලුවලට මේ තුළින් විසඳුම් ලබා දීමට නියමිත වෙයි.

9 වැනි ශ්‍රේණිය සමත්වන සෑම දරුවෙකුටම අනිවාර්ය අධ්‍යාපන කාලය අවසන් කළ බවට සහතිකයක් ද නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.