News

අපරාධ කටයුතු සම්බන්ධ ලිපිගොනු 23,745ක් අවසන් – නීතිපති

පසුගිය මස දහඅටක කාලය තුළ නීතිපති උපදෙස් ඉල්ලා එවන ලද අපරාධ සම්බන්ධ ලිපිගොනු 23,745ක් අවසන් බව වාර්තා වනවා. මේ බව නීති පතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසනවා.

එමෙන්ම පසුගිය මස 18 ක කාලය තුළ අධිචෝදනා 12,053ක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද වැඩි දුරටත් සඳහන් කළා.