කටුනායක ගුවන්තොටුපළ මහජන ප්‍රේක්ෂක මණ්ඩපය විවෘත කෙරේ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මහජන ප්‍රේක්ෂක මණ්ඩපය අද(26) දින විවෘත කෙරිණි.
සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා අතින් උදෑසන 10.00ට අතින් නිල වශයෙන් විවෘත විය.
මෙම අවස්ථාවට ගුවන් තොටුපළ සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි ඇතුළු කටුනායක ගුවන් තොටුපළ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම ජාත්‍යන්තර ගුවන් සේවා පාසැලේ සිසුන් පිරිසක් ද සහභාගී වී සිටියහ .
මෙම මණ්ඩපයට ඇතුළු වීමට නිල ඇදුමින් සැරසුන පාසැල් සිසුන්ගෙන් ගාස්තු අය නොකරන අතර අනෙකුත් අමුත්තන්ගෙන් රුපියල් 50 ක ගාස්තුවක් අය කිරීමට නියමිතය .
