News

විවාහ වන වයස අවු.18 කරන්න පනත් කෙටුම්පතක්

නවවන පාර්ලිමේන්තුවේ පළමු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා විසින් ඊයේ (26) දිනයේ දී පාර්ලිමේන්නතු මහ ලේකම් ධමිමක දසනායක මහතා වෙත භාර දී ඇත.

විවාහවීම සඳහා දරුවෙකුගේ අවම වයස් සීමාව අවුරුදු 18 ලෙස ප්‍රකාශයට පත් කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ වෙයි.

මෙම නීතිය ඉතා ඉක්මනින් මෙරට ස්ථාපනය කර එක හා සමාන අයිතිවාසිකම් දරුවන්ට ලබා දිය යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.