News

රට පුරා වැව් ප්‍රතිසංස්කරණයට කාර්ය සාධක බලකායක්

2020 මාස් වගා කන්නය ඉලක්ක කොට දිවයිනේ සියළුම පළාත් ආවරණය වන පරිදි ග්‍රාමීය වැව්, අමුණු හා ඇළ මාර්ග පද්ධතීන් පිළිසකර කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ග්‍රාමීය වැව්, අමුණු හා ඇළ මාර්ග පද්ධතීන් පිළිසකර කිරීමට වාරි සෞභාග්‍යයා වැඩසටහන ඇරඹීම සඳහා කාර්ය සාධක බලකායක් වාරිමාර්ග අමාත්‍යා චමල් රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලදි.

මෙමගින් ග්‍රාමීය වැව් 14,000ක් ප්‍රතිසංස්කරණය කොට සක්‍රිය තත්වයට පියවර ගන්නා අතර ඒ තුලින් දේශිය කෘෂි සහ ආහාර නිෂ්පාදන කේෂත්‍රයේ පිබිදීමක් ඇතිවේයැයි විශ්වාස කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම විශේෂ කාර්යය සාධක බලකායට වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති සියළු ආයතනයන්, ගොවිජන සේවා, මිනින්දෝරු, මහවැලි, දෙපාර්තමෙන්තු, පළාත් පාලන හා පෞද්ගලික ආයතන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවන්හි ප්‍රධාන හා ජේෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත වන අතර මහ ජනතාවගේද දායකත්වය ලබා ගැනීමට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.