බස්රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකු මරුට
මාතර සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ බස්රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මරණයට පත් වී ඇත.
අනතුර සිදු වූ අවස්ථාවේ ඔවුන් කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති අතර මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20 හා 18 ක අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි. මෘත ශරීර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.අනතුර සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.