News

ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සහ කථානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් අද (27) පෙරවරුවේ පැවැත්විණි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභාගී විය.

මෙම හමුවෙන් පසු කථානායකතුමා විසින් ඉන්දියානු මහ කොමසාරිස්වරයා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදී.

මෙය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සිය ධුරයට පත්වීමෙන් අනතුරුව පැවති පළමු රාජතාන්ත්‍රික හමුවයි.