News

විදෙස්ගත ලාංකිකයන් 186ක් දිවයිනට

කොරෝනා නිසා මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 186 දෙනෙකු අද (27) දිවයිනට පැමිණ තිබේ.

මාලදිවයින සහ ඕස්ට්‍රේලියාවේ රැදී සිටි පිරිසක් මෙලෙස දිවයිනය පැමිණ තිබේ.

මාලදිවයින මාලේ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු අද දින දහවල් 11.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිටශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 609 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයන් 160 දෙනෙකු අද දින දහවල් 2.00 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මොවුන් සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කර නිරෝධන මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.