තිලිණ බණ්ඩාර තෙන්නකෝන් එජාපයට එක්වෙයි
මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට තරග කර මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ තිලිණ බණ්ඩාර තෙන්නකෝන් එහි ක්‍රීඩා හා කර්මාන්ත අමාත්‍ය ධුරයේ කටයුතු කළ අතර ඔහු හිටපු අමාත්‍යවරයෙකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු වෙයි.