News

එජාප නායකත්වය බාර ගන්න – ජ්‍යෙෂ්ඨයින් පිරිසකගෙන් ඉල්ලීමක්

පක්ෂය හැරගිය සියලුදෙනා ඒකරාශී කරමින් පක්ෂ නායකත්වය බාර ගන්නැයි එකසත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරුන්ගේ සංගමය පවසනවා.

අර්බුදකාරී මේ මොහොතේ පක්ෂය නැවත නගාසිටුවා පුනර්ජීවය ලබාදියහැකි එකම පුද්ගලයා ලෙසට ජයග්‍රාහීව ඉදිරියට එන ලෙසට කරූ ජයසුරිය මහතාගෙන් ඉල්ලා සිටියි.

එජාපයේ විවිධ තනතුරු සඳහා කුලල්කන කිසිම පුද්ගලයෙකු එහි නායකත්වයට හෝ කිසිඳු වගකීමක් දැරීමට සුදුසු නොවන බවද සංගමය යෝජනා කර සිටිනවා.

එයට හේතුව ඔවුන් සියලු දෙනාම පරාජිතයන් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට දූෂණ චෝදනා ඇති බැවින් හා පක්ෂයට අපකීර්තියක් හා පක්ෂයේ පරාජයට ඔවුන් ද වගකිව යුතු බව ද එම සංගමය පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට අද වන විට අත් වී ඇති ඉරණම පිළිබඳ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ලෙස කනගාටුවට පත්වන බව එම සංගමය වැඩිදුරටත් පවසයි.

මේ බව සංගමයේ ලේකම් උපාලි අමරසිරි මහතා මේ බව සඳහන් කර ඇත.