News

තෝරාගත් ගුවන් ගමන් කිහිපයක් අඛණ්ඩව

තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන්සේවය දැනුම් දෙයි.

ඒ අනුව ඉතාලියේ – මිලාන්, එක්සත් රාජධානියේ – ලන්ඩන්, ජපානයේ – ටෝකියෝ, මාලදිවයිනේ – මාලේ, ජර්මනියේ – ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ – පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ – සිඩ්නි වෙත ගුවන් ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන්සේවය පවසයි.

එම ගුවන්ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගාල්ල, නුවර සහ කොළඹ කාර්යාල හරහා හෝ එම ගුවන්සේවයේ වෙබ් අඩවිය හරහා ආසන වෙන්කරවා ගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන්සේවය වැඩිදුරටත් සඳහන් කළේය.