News

කොවිඩ් නිසා බිඳවැටුන ව්‍යාපාර ගැන සමීක්ෂණයක්

 

කොවිඩ් නයින්ටීන් නිසා බිඳ වැටුන ව්‍යාපාර ගැන සෙවීමට සමීක්ෂණයක් සිදුකිරීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

කොවිඩ් න්යින්ටීන් වසංගතය නිසා අසීරුතාවට මුහුණ දුන් ව්‍යාපාරිකයන්ට ඒ සම්බන්ධව දැනුම් දියහැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි

ජන හා සංඛ්‍යාලේඛන දෙපතමෙන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් අයදුම්පත්‍රයක් ඔන්ලයින් ක්‍රමයට පුරවා අදාල තොරතුරු ලබාදිය හැකියි.

වසංගතය නිසා ඇති වී ඇති ගැටලු මගහරවා ගනිමින් දිගු කාලීන විසඳුම් හා ප්‍රතිපත්ති සකස්කිරීම මෙහි අරමුණයි. නිවැරදි දත්ත ලබාගැනීම මෙමගින් බලාපොරොත්තු වේ.

මේ වන විටත් ක්‍රියාත්මක අදාළ සමීක්ෂණයට ඔන්ලයින් ක්‍රමයට තොරතුරු දිය හැකියි.