News

කෝට්ටේ පෙරහැර මංගල්‍යය අවසන්

ඊයේ දිනයේ (29) කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර පැවැත්වුණා.

පෙරහැර මංගල්‍යයේ මංගල හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුකළා.

විහාර මන්දිරය වෙත සධාතුක කරඬුව වැඩමවීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදුකළා.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන් අනුශාසනාව සහ විහාරාධිපති පූජ්‍ය අළුත්නුවර අනුරුද්ධ හිමියන් විසින් එහිදී ආගමික වතාවත් සිදුකළ බව වාර්තා වනවා. පෙරහැර වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණේ ඉන් පසුවයි.