News

ටිපර් රථ දෙකක ගැටී STF කොස්තාපල් ජීවිතක්ෂයට

A9 මාර්ගයේ, 55 හන්දියේ සිදුවූ රිය අනතුර නිසා කිළිනොච්චිය විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

කිළිනොච්චිය දෙසට ධාවනය කළ පොලිස් කොස්තාපල්වරයගේ තුරුපැදිය වවුනියාව දෙසට ධාවනය වූ ටිපර් රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස්,එම අවස්ථාවේදී යාපනය දෙස සිට වවුනියාව දෙසට ධාවනය වූ තවත් ටිපර් රථයකට යටවී බරපතළ තුවාල ලබා ඇත.

මේ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

පොලිස් කොස්තාපල්වරයෙකු වන යතුරුපැදිකරු යටවී බරපතළ තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතූළත් කිරීමේදී මියගොස් තිබේ.

අනතුර සම්බන්ධව ටිපර් රථ දෙකෙහිම රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.