රනිල් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට
හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්රහාරය පිලිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ඇත.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය පිලිබඳ ප්රකාශ සටහන් කර ගැනීමට පැමිණෙන ලෙස ඒ මහතාට දැනුම්දී තිබුණි.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අකිල විරාජ් කාරියවසම් මහතාද පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධව ප්රකාශයක් ලබාදීමට අද ජනධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ ඇත.
පසුගිය අගෝස්තු 26 වනදා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ද පැය 9කට ආසන්න කාලයක් ප්රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්. ඒ කොළඹ පැජට් පාරේ පිහිටි නිවසේ දී යි.
