මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 400ක් මාට්ටු
ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාත් විශේෂ වැටලීම් ඒකකය විසින් සිදුකළ විමර්ශනවලදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 400 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බම්බලපිටිය, මීගමුව, මෝදර, පානදුර, මරදාන සහ සපුගස්කන්ද යන ප්‍රදේශවලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් ග්‍රෑම් 160යි මිලිග්‍රෑම් 758ක්, ගංජා ග්‍රෑම් 274යි මිලිග්‍රෑම් 377ක් සහ අයිස් ග්‍රෑම් 518යි මිලිග්‍රෑම් 517ක් වැටලීම් 386කදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
වාලච්චේන පලෙයිකාඩු ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 20 ක් සහ මත්පෙති 1538 ක් සමඟ 28 හැවිරිදි වාලච්චේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අද(31) වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
