News

අල්ටයර් ගොඩනැගිල්ල ජනපති නිරීක්ෂණයට

බේරේ වැව ඉදිරිපිට ඉදිකරමින් පවතින “අල්ටයර් නේවාසික හා වාණිජ ගොඩනැගිල්ල“ ඊයේ (31) පස්වරුවේ ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ නිරික්ෂණයට ලක්වි තිබේ.

වැඩ අවසන් වු විට කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට එක්වන අල්ටයර් ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු 2012 වසරේ දී ආරම්භ කෙරුණි.

කුළුණු දෙකකින් යුත් අල්ටයර් සංකිර්ණය මහල් 68කින් හා 63කින් සමන්විත වන අතර එහි අධි සුඛෝපභෝගි නිවාස 404ක් සහ ඉහළ ප්‍රමිතියේ සාප්පු සංකිර්ණයක් ඉදිකිරීමට නියමිතය.

ගොඩනැගිලි සංකිර්ණයේ ඉදිකිරීම් සියයට 70ක් පමණ දැනට අවසන් කර ඇති අතර ඉතිරි වැඩ ලබන ජනවාරි වන විට අවසන් කිරිමට සැලසුම් කර තිබේ.

මෙවැනි ඉදිකිරිම් සංචාරක ආකර්ෂණයට හේතුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදී තිබේ.