News

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

දිවයිනට බලපෑ ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙසට ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

පවතින වියළි කාලගුණික තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ද ජල සම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඊට හේතුව ලෙස එම මණ්ඩලය පෙන්වා දෙන්නේ පානීය ජලය ලබා ගන්නා ප්‍රධාන ජලාශ හා ජල මුලාශ සීඳී යමින් පවතින බවයි.

කෙසේ වෙතෙත් උස් බිම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.