News

මෙරට ප්‍රථම පපු තෙරපුම් යන්ත්‍රය

හදවතක් අකර්මණ්‍ය වූ විට නැවත එය පණගැන්වීම සඳහා මෙරට පළමු වරට නිර්මාණය කළ ‘පපු තෙරපුම් යන්ත්‍රය’ (M.C.P.R.) හඳුන්වාදීම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී සිදුකෙරිණි.

එම පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයකු ව න ඩිල්ෂාන් අබේවර්ධන වෛද්‍ය ශිෂ්‍යා විසින් මෙය නිර්මාණය කරන ලදී.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් මෙම හඳුන්වාදීම සිදුකෙරිණි.

මෙතෙක් පර්‌යේෂණ මට්ටමේ පැවැති මෙම නිර්මාණය බිහිවීමත් සමග ඉදිරියේදී විදෙස් රටවල සිදුකෙරෙන අයුරින් යාන්ත්‍රික පසු තෙරපුම් ක්‍රියාවලිය මෙරට සිදුකිරීමට හැකිවනු ඇත.

මෙතෙක් මෙරට සිදුවූයේ එවැනි රෝගියකු සඳහා දෑතින් පපු තෙරපුම ලබාදීමයි.

කොවිඩ් -19 තත්ත්වයත් සමග රෝගියා අසලට ගොස් පපු තෙරපුම සිදුකිරීම අවදානම් හේතුවෙන් මෙවැනි නිර්මාණයක් ඒ සඳහා පසුබිම වූ බව වෛද්‍ය ශිෂ්‍ය ඩිල්ෂාන් අබේවර්ධන පවසයි.

විදෙස් රටක රුපියල් ලක්ෂ 25ත් 40ත් අතර මුදලක් වැය වන මෙම නිර්මාණය මෙරටදී රුපියල් ලක්ෂ තුනක පමණ මුදලකට නිර්මාණය කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.