භික්ෂූණීන්ටත් ජාතික හැඳුනුම්පත ලබාදෙන්න තීරණයක්
ජාතික හැඳුනුම්පත සකස් කිරීමේ දී මෙතෙක් පැවති ගැටළුකාරී තත්වය නිසා භික්ෂූණීන් වහන්ලාසේ දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා.
කාන්තාවක මෙහෙණි සසුනට ඇතුලත් වූ පසු නව ජාතික හැඳුනුම්පතක් සකස් කළ යුතු අතර ඇතැම් භික්ෂූණීන් වහන්සේලා සඳහා මේ දක්වාත් එම හැඳුනුම්පත ලැබී නැහැ.
මේ නිසා මෙහෙණි සස්නට ඇතුළුවන භික්ෂුණින් වහන්සේලාට විභාග සඳහා ඉදිරිපත් වීමට හෝ වෙනත් සමජීය කටයුතු සඳහා ඉදිරිපත් වීමේදී ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බව පැවසෙනවා.
ඒ අනුව ගැටලුව සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසන්නේ අදාළ ගැටලුව පිළිබඳව තමා දැනුවත් බවත් ඒ අනුව ඒවා නිරාකරණය සඳහා කටයුතු කරන බවත් පැවසෙනවා.
තවද එමෙන්ම භික්ෂූණීන් වහන්සේලා සිටින ආරාම ලියාපදිංචි කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව ද පැවසෙනවා.
