බටගම කුඩුරුවන් හෙරොයින් සමග අත්අඩංගුවට
කදාන සහ ජා-ඇල යන ප්රදේශවලට හෙරොයින් ප්රවාහනය කරන ප්රධාන ජාවාරම්කරුවෙකු වන රුවන් කුමාර නොහොත් බටගම කුඩුරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (31) පස්රුවේ ජා-ඇල කන්දවත්ත පරණ උසාවිය මාර්ගයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
එහිදී සැකකරු සතුව තිබී හෙරෝයින් ග්රෑම් එකහමාරක් සොයාගෙන ඇති අතර, ඔහුගේ යතුරු පැදියේ ද සොයාගෙන තිබේ.
පොලීසිය විසින් සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකළ ප්රශ්න කිරීම්වලින් අනතුරුව හෙරොයින් ජාවාරමෙන් මිලදීගත් රන් පවුම් 10ක් සහ බැංකු ගිණුමක් පිළිබදව අනාවරණය කරගෙන ඇත.
අදාළ බැංකු ගිණුමේ පසුගිය මාස 07 තුළ රුපියල් කෝටි පහමාරකට අධික මුදලක් සංසරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
මෙම සැකකරු හෙරෝයින් ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින රංජිත් කුමාර නොහොත් කොණ්ඩයාගේ ගෝලයෙක් ද වේ.
