මහනුවර දෙවන වරටත් සෙලවෙයි ?
මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් නැවතත් සිදුවී ඇත.
ඒ අද (02) උදැසන පෙරවරු 07.06 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති බවය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයට කරුණු වාර්තා වූ බව පවසනවා.
කෙසේ වෙතත් සිදුවූ සෙලවීම සම්බන්ධයෙන් තවමත් කරුණු අනාවරණය කර ගෙන නැහැ.
එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සෙලවීම් සිදුවන්නේද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ උදය ද සිල්වා මහතා පවසනවා.
මේ අතර පසුගිය 29 වනදා රාත්‍රීයේ මහනුවර, අනුරගම ප්‍රදේශයෙන් ද පොළොව සෙලවීමේ සිදුවීමක් වාර්තා වුවා එයටද නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
