මහාධිකරණ 4කට අතිරේක අධිනීතිඥවරු
කළුතර, මිගමුව, මාතර හා හෝමාගම මහාධිකරණවලට අතිරේක අධිනීතිඥවරු යෙදවීමට නීතිපතිවරයා විසින් තීරණය කර තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතිඥ නිශාරා ජයරත්න පැවසුවේ එම සෑම මහාධිකරණයකම නඩු 600කට වඩා ගොඩගැසී ඇති බැවින් එම නඩු සංඛ්‍යාව අවම කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට ගත හැකි පියවරක් ලෙස මෙම නව තීරණය හඳුන්වා දී ඇති බවයි.
මෙම තීරණය මගින් ගොඩගැසී ඇති එම නඩු සංඛ්‍යාව අවම කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට සහායක් වනු ඇතැයි විශ්වාස කරන බව නීතිපති සම්බන්ධීකාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න වැඩිදුරටත් පැවසීය.
