ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව ජනපතිට
ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනපති විසින් පත්කරන ලද ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ වාර්තාව අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වා තිබෙනවා.
කමිටුවේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා විසින් කමිටු වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර කමිටුවේ සෙසු සාමාජිකයෝ ද ඊට එක්ව සිටියා.