මී පැණි හිඟය පුරවන්න රටින් ගෙන්වයි
මෙරට මී පැණි අවශ්‍යතාව සපුරාලීම සදහා වාර්ෂිකව මී පැණි මෙට්‍රික් ටොන් 150 ක් ආනයනය කරන බව නිපුණතා සංවර්ධන අරමුදල සඳහන් කරයි.
මෙරට වාර්ෂික මී පැණි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 25 කට සීමාවී ඇතැයිද, ඉල්ලුමට සරිලන පරිදි මී පැණි සැපයීම සඳහා දේශීය මී පැණි නිෂ්පාදකයින් සමත්වී නැතැයිද පැවැසේ.
ඒ අනුව දේශීය වශයෙන් මී පැණි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා මෙරට මී පැණි නිෂ්පාදකයින්ගේ ගැටලුවලට විසඳුම් ලබාදී ඔවුන් දිරිමත් කිරීමට නිපුණතා සංවර්ධන අරමුදල අපේක්ෂා කරයි.
මී පැණි නිෂ්පාදන වෙළෙඳපොළ තවදුරටත් ප්‍රසාරණය කිරීමට ව්‍යාපාරික මෘදුකාංගයක් නිර්මාණය කිරීමටත්, ඒ හරහා නව රැකියා අවස්ථා බිහි කිරීමටත් නියමිතය. දේශීය මී පැණි නිෂ්පාදකයින් සඳහා නිපුණතා සංවර්ධන අරමුදල මගින් නිසි වෘත්තිය පුහුණු පාඨමාලාවක් හඳුන්වා දී ඒ සඳහා වෘත්තිය සහතිකයක් ලබාදීමටද යෝජිතය.
සාලිය කුමාර ගුණසේකර
