සා. පෙළ ගණිතය පත්‍රයට ව්‍යාජ ලෙස පෙනී සිටි අපේක්ෂකයින් තිදෙනෙකු අත්අඩංගුවට
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය සදහා අපේක්ෂකයා වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි සැකකරුවන් තිදෙනෙකු ප්‍රදේශ තුනකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ මාතර තිහගොඩ, තණමල්විල සහ කල්මුණ යන ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
ඊයේ උදෑසන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය සදහා ඉදිරිපත් වී සිටියදී මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19, 24, 25, 40, 45 වයස්වල පසුවන්නන් වනවා.