සීගිරියෙන් ලැබෙන ආදායමෙන් සීයට එකක් ප්‍රාදේශීය සභාවට ඉල්ලයි
සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන අතිවිශාල දෙස් විදෙස් සංචාරකයන්ගෙන් විශාල මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදල අයකර ගත්තද එයින් කිසිදු සතයක් හෝ දඹුල්ල ප්‍රාදේශීය සභාවට නොලැබීම නිසා ප්‍රාදේශීය සභා පවත්වාගෙන යෑම දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බව සභාපති කේ.ජි . සෝමතිලක මහතා පසුගියදා පැවති ප්‍රාදේශීය සභා අයවැය විවාදයේ දී පැවසීය.
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සංවර්ධනය සභා බල ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා රජයෙන් මුදල් ලබානොගෙන සංවර්ධනය කළ හැකි බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ගේ සියලුම මුදල් ලබා ගන්නා බවත් මාර්ග නඩත්තු කිරීම විදුලි ආලෝකය ලබාදීම කුනු කසල ඉවත් කිරීම ආදී සියල්ල ප්‍රාදේශීය සභාව සේවකයන් විසින් සිදුකළ යුතු බව හෙතෙම සඳහන් කළේ ය.
මේ වනවිට සබාවේ සියලුම මන්ත්‍රීවරුන් එක්ව “අපේ ගම” නමින් සෑම ගමක්ම සංවර්ධනය කිරීම සදහා සැලසුම් කර තිබෙන බවත් සබා බලප්‍රදේශයේ ඇති ධන උල්පත වෙනත් ආයතනයක් අරගෙන යන්නේ එහි අතීතයේ සිට පැවත එන සිගිරි ජනතාවටවත් ලබා නොදී බව කිවේය .
පවතින සෑම රජයකම මධ්‍යම සංස්කෘතික අරමුදල බාරව පවතින ඇමති වරයා ධන කුවේරයකු බවට පත්ව තම මැතිවරණ බලප්‍රදේශයේ චන්ද දායකයන්ට රස්සා ලබාදීම සදහා මේ මුදල් යොදවන බව මන්ත්‍රී වරුන් කීපදෙනකුම කිහ.
පැවති රජයේ ඇමති වරයා විසින් සියයකට වැඩි ගණනක් කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණ තරුණියන් ගේ බලකායක් දඹුල්ල ,සිගිරිය බලප්‍රදේශයේ රැකියා සදහා යොදවා තිබෙන බව තවත් මන්ත්‍රී වරයකු මෙහිදී කිවේය.
සභාව අවසන් වීමෙන් පසුව අප සබාපති වරයාගෙන් මේ ගැන වැඩිදුරටත් විමසීමේදී කිවේ අවස්ථා ගණනාවකදීම සිගීරියේ ප්‍රවේශපත්‍ර වලින් ලැබෙන මුදල් වලින් 1% ක මුදලක් දඹුල්ල ප්‍රාදේශීය සභාවට ලබා දෙන ලෙස පැවති සියලූ බලධාරීන්ගෙන් රජයන් වලින් ඉල්ලීමක් කළ ද මෙතෙක් ඊට පිළිතුරු ලැබී නැති බව සභාපතිවරයා සඳහන් කළේය .තේරී පත්ව සිටින සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගේ එකම බලාපොරොත්තුව විය යුත්තේ අද දවස නොව හෙට දිනයේ දඹුල්ල ප්‍රදේශයේ සංවර්ධනය කිරීමට නම් දිනකට දඹුල්ලට ලැබිණ කෝටියකට වඩා ආදායම 1% ක මුදලක් සභාවට ලබා ගැනීම සඳහා කටයුතු කිරීම බව ය.
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කොට ජනතාවගේද ඉල්ලීම් කිරීම මෙන්ම පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් ලඟදීම රජයට භාර දීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේය.එහෙත්නො පිලිගන්නේනම් ඉන් එයාට ගිය ක්‍රියාමාර්ග ගන්නා බව කිවේය. මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය නැරඹීම සඳහා එක විදේශීය සංචාරකයකුගෙන් රුපියල් 4900 ක මුදලක් ලබා ගන්නා බවත් දේශීය එක් සංචාරකයකුගෙන් රුපියල් 50ක මුදලක් ලබා ගන්නා බව ද සඳහන් කළේය.
සීගිරියෙන් පමණක් අතිවිශාල මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදල ලබා ගත්තද මේවා ආරක්ෂා කිරීම නඩත්තු කිරීම විශාල වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම දඹුල්ල ප්‍රාදේශීය සභාවේ ද සහාය ලැබෙන බව හෙතෙම සඳහන් කළේය. මධ්‍යම සංස්කෘතික අරමුදල මෙහි සියලු මූල්‍ය වටිනාකම ලබා ගන්නා බැවින් මේ පිළිබඳව පළාත් පාලන ආයතන වල ඇති වගකීම පිළිබඳව ජනතාව ඉදිරියේදී දැනුවත් කරන බව සඳහන් කළේය.
දඹුල්ල – කාංචන කුමාර ආරියදාස