News

බීමතින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට වැඩ වරදියි

බීමතින් හැසිරුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මත්තේගොඩ පොලිස් ස්ථානයේ භට නිවාසයේ බීමත්ව සිටි මත්තේගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ (03) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ නියෝග මත අදාළ නිලධාරීන්ගේ රාජකාරී වැඩ තහනම් කිරීම සදහා ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරීවරයා විසින් මේවන විට මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්ස්ථානය නිවේදනය කරයි.