ඒ 9 මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකුට බරපතලයි
යාපනය නුවර ප්රධාන මාර්ගයේ වවුනියාව,ඊරට්ටපෙරියකුලම ප්රදේශයේදී ඊයේ(10) රාත්රියේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ ලොරි රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ඇති බවයි. අනුරාධපුර දෙස සිට පැමිණි ලොරි රථයක් හා වවුනියාව දෙස සිට අනුරාධපුරය දෙසට ගමන්ගත් යතුරුපැදියක් එකිනෙක ගැටී ඇති බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ යතුරුපැදිකරුගේ හිසට තුවාල සිදුවි ඇති අතර,තුවාලකරු වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය