බන්ධනාගාර තාප්පයට උඩින් ගිය දුරකථන බැටරි සහ හෙරොයින්
වැලිකඩ මැගසින් බන්ධනාගාර තාප්පයට උඩින් ජංගම දුරකථන බැටරි 10ක් සහ හෙරොයින් පැකට්ටුවක් විසි කිරීමට උත්සහ කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
ඒ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව පැවසේ. අදාළ පාර්සලයේ තිබී රුපියල් 36,000 ක මුදලක්ද සොයා ගෙන ඇත.
35 හැවිරිදි සැකකරු බොරැල්ල සීවලී පටුමග පදිංචි කරුවකු බව පැවසේ.
එම පුද්ගලයා පිලිබඳ වැඩි දුර විමර්ශණ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන බව සඳහන් වේ.
