යාපනයේ වාහන අළුත්වැඩියා කරන ස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
යාපනය,චුන්නාකම් ප්‍රදේශයේ වාහන අළුත්වැඩියා කරන ස්ථානයකට ඊයේ (10) සවස කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ ගසා ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසති.
යාපනය ප්‍රදේශවාසීන් පැවසූවේ අදාළ ස්ථානයේ දේපළ වෙත පහරදි පුද්ගලයින් වෙත කිසියම් පිරිසක් තර්ජනය කොට පළාගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය චුන්නාකම් පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසූවේ චුන්නාකම් ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් සම්බන්ධයෙන් වන ගැටළුවක් ඊයේ (10) සවස යාපනය කන්කසන්තුරය වීදියේ පිහිටි ස්ථානයක හටගෙන ඇති බවයි. සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවි නොමැති බවද චුන්නාකම් පොලිසිය පැවසීය.
චුන්නාකම් ප්‍රදේශවාසීන් පැවසූවේ අදාළ පහදීම ආවා කල්ලිය විසින් සිදුකළේද යන්න සම්බන්ධයෙන් සැක කරන බවයි.
යාපනය චුන්නාකම් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආවා කල්ලිය වැනි කල්ලි බිහි වි ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති.
වවුනියාව – මාධව කුලසූරිය