News

චීනයේ ලංකා තානාපති ලෙස පාලිත කොහොන පත් කෙරේ

චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාශයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇති පාලිත කොහොන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා ලෙසද ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සිට කටයුතු කරනු ලැබීය.